- සම්මර්ශන ඥානය – ඝන සංඥාව බිඳී, නාමරූප ධර්මයන්ගේ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ දක්නා ඥානය.
- උදයව්‍යය ඥානය – සංස්කාරයන් උපදින ආකාරයත්, බිඳි බිඳී යන ආකාරයත් දක්නා ඥානය.
- භංගානුදර්ශන ඥානය – සංස්කාරයන්ගේ බිඳීම පමණක් දක්නා ඥානය.
- භයතුපට්ඨාන ඥානය – බිඳි බිඳී යන සංස්කාරයන් භයානක දෙයක් සැටියට, බිය විය යුත්තක් සැටියට දක්නා ඥානය.
- ආදීනව ඥානය – සංස්කාරයන්ගේ බිඳීම කිසිවිටෙක නොනැවැත්විය හැකි බව, එහි අසරණ බව දක්නා ඥානය.
- නිබ්බිදා ඥානය – සංස්කාරයන් පිළිබඳ කළකිරුනු ස්වභාවයෙන් යුක්ත ඥානය.
- මුඤ්චිතුකම්‍යතා ඥානය – සංස්කාරයන්ගෙන් මිදීමේ අදහසින් යුක්ත ඥානය.
- පටිසංඛානුපස්සනා ඥානය – සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ විස්තර වශයෙන් දක්නා ඥානය.
- සංඛාර උපේක්ෂා ඥානය – සංස්කාරයන් පිළිබඳ ඇල්ම හා බිය දුරු කරමින් ඒවා පිළිබඳ මධ්‍යස්ථ වන්නා වූ ඥානය.
- අනුලෝම ඥානය – කලින් ඇති වූ විදර්ශනා ඥානය වලට හා මතු ලබන්නා වූ මාර්ග ඥානයට අනුකූලව පවත්නා වූ විදර්ශනා ඥානය.
[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, අභිධර්ම මාර්ගය, 328-331]
Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය