නව අර්හාදී බුදු ගුණ (budu guna)

1. අරහං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක

2. සම්මා සම්බුද්ධෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. විජ්ජාචරණ සම්පන්නෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. සුගතෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.

5. ලෝක විදූ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.

6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්‍ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්‍රතිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

8. බුද්ධෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය ලෝකයාට අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

9. භගවා

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් හා ෂඩ් භාග්‍යය ගුණයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි – සූවිසි මහා ගුණය

10 thoughts on “නව අර්හාදී බුදු ගුණ (budu guna)

  1. Kavinda ekanayake May 3, 2018 / 8:20 am

    ඇත්තටම උසස්පෙල හදාරන සිසුවෙක් වශයෙන් මේ කටයුත්ත උතුම් කොට සලකනවා

    Liked by 2 people

  2. Kushantha Jayaneththie January 6, 2021 / 7:33 pm

    බුදධානුස්සති වැදීමට මෙය මහඟු උපකරයකි මෙහි නිර්මාතෘ පින්සිදු වේවා

    Liked by 1 person

  3. Dulakshi chathurika February 27, 2021 / 7:40 pm

    Thank you very much this is very importent to me

    Liked by 1 person

  4. උපාලි විමලධර්ම September 10, 2022 / 5:42 pm

    මතකයේ තඛාගන්නත්, මෙනෙහි කිරීමටත් පහයි.
    සාධු සාධු සාධු

    Liked by 1 person

  5. Bhagye Palihawadane September 17, 2022 / 12:34 am

    භාවනාව වැඩීමට මහගු උපකාරයක්.නිවන් අවබෝධය පිණිස හේතු වේවා.

    Liked by 1 person

  6. THARUKA January 27, 2023 / 4:24 am

    වටිනවා! අපිට මේ ටික මතකයේ තියාගෙන නිතර නිතර බුදු ගුණ සිහි කරන්න පුලුවන් බොහොම ස්තූතියි,බොහොම පින්

    Liked by 1 person

  7. lakithakeshan852004 March 19, 2023 / 5:00 pm

    සාධු! සාධු! සාධු! තෙරුවන් සරණයි 🙏🌼🌸

    Liked by 1 person

  8. Anushka Amarasingha July 28, 2023 / 8:18 pm

    බොහොම හොද කරුණු 🙏

    Like

  9. Induwara March 30, 2024 / 8:28 am

    saadu saadu saadu 🙏 🙏 🙏 🙏 🙏

    Like

Leave a comment