ධර්ම රත්නයේ ගුණ (daham guna)

1. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ

තථාගතයන් වහන්සේගේ ධර්මය මුල, මැද, අග යහපත් වන පරිදි, මනා කොට දේශනා කරන ලද බැවින් ස්වාක්කාතෝ නම් වන සේක.

2. සන්දිට්ටිකෝ

සතර මාර්ග, සතර ඵල, උතුම් නිවන යන නව ලෝකෝත්තර ධර්මය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කොට, තම තමා විසින්ම දැකිය හැකි බැවින් සන්දිට්ටිකෝ නම් වන සේක.

3. අකාලිකෝ

ධර්මයට අනුව හැසිරෙන්නන්ට වර්ෂ ගනන්, මාස ගනන්, දින ගනන් ගත නොවී, එවෙලෙහි ම ඵල ලැබිය හැකි බැවින් අකාලිකෝ නම් වන සේක.

4. ඒහි පස්සිකෝ

පරීක්ෂා කර බැලීමට, පිළිවෙත් පිරීමට ආරාධනා කිරීමට සුදුසු ධර්මයක් බැවින් ඒහි පස්සිකෝ නම් වන සේක.

5. ඕපනයිකෝ

තම සන්තානයේ පහල කර ගැනීමට, වර්ධනය කර ගැනීමට සුදුසු ම ධර්මය බැවින් ඕපනයිකෝ නම් වන සේක.

6. පච්චත්තං වේදිතබ්බෝ වින්ඤ්ඤූහීති

මෙම ධර්මය සාක්ෂාත් කරගත් සත්පුරුෂයාට එහි යහපත් බව,  එහි රස තම සිතින් ම දැනගෙන, විඳිය හැකි බැවින් පච්චත්තං වේහි තබ්බෝ වින්යූ හීති නම් වන සේක.

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි – සූවිසි මහා ගුණය

9 thoughts on “ධර්ම රත්නයේ ගුණ (daham guna)

  1. mervin June 15, 2017 / 7:33 am

    සාධු…සාධු…සාධු…

    Like

  2. Indika February 5, 2021 / 11:35 pm

    සාදු සාදු සාදු 🙏🙏🐍🐍🐍

    Like

  3. Dulakshi chathurika February 27, 2021 / 10:23 pm

    I want this and I can learn this thank you very much

    Like

  4. Dhammika Kaluarachchi March 20, 2021 / 8:24 pm

    සාදු සාදු පිං සිදු වේවා

    Like

  5. kulana sandeepa May 19, 2021 / 6:45 pm

    සාධු සාධු සාධු

    Like

  6. Yasas Mayadunne July 10, 2021 / 6:31 pm

    godak hoda wadak me karala thiyenne.pothakinwath hoyaganna bariwuna dewal mam hoyagatta

    Like

    • Subhagya July 20, 2021 / 10:35 am

      hmm..maath

      Like

  7. Umesh nithun May 13, 2023 / 7:31 am

    Godak hoda wedak karala thiyenne me .pothwala nathi ewa hoyala luwwahaki.

    Like

  8. N Vimala Deva Himi June 7, 2023 / 8:32 pm

    තෙරුවන් ගුණ අනන්තයි අප්‍රමාණයි.
    සියලුම ලෝක වාසි ජනතාවට.
    තෙරුවන් සරණයි,🙏🙏🙏💓

    Like

Leave a comment