කරණීය මෙත්ත සූත්‍රය (karaniya metta sutra)

කරණීය මත්ථ කුසලේන – යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූ ච සූජූ ච – සවචෝ චස්ස මුදු අනතිමානී

ඒ ශාන්ත පාදය වන අමා නිවනට පැමිණ වාසය කිරීමට කැමති අයෙකු විසින් ඒ සඳහා ඇති කරගත යුතු කුසලතා කවරෙක් ද? සියළු කටයුතු වල දක්ෂයෙක්, සමර්ථයෙක් විය යුතු ය. අවංක (අනුන්ට බොරු නොකරන) කෙනෙක් විය යුතු ය . ඉතා අවංක (තමන්ට ද බොරු නොකරන) කෙනෙක් විය යුතු ය. කීකරු කෙනෙක් විය යුතු ය. මෘදු ගති ඇත්තෙක් විය යුතු ය. අධික මානය නැත්තෙක් විය යුතු ය.

සන්තුස්සකෝ ච සුභරෝ ච – අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච – අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ

ලද දෙයින් සතුටු වන කෙනෙක් විය යුතු ය. පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් විය යුතු ය. අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක් විය යුතු ය. සැහැල්ලු ගති පැවතුම් ඇත්තෙක් විය යුතු ය. දමනය කළ, සන්සුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතු ය. තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතු ය. හැඩිදැඩි අසංවර ගති නැත්තෙක් විය යුතු ය. හිතමිත්‍ර කුලපවුල් වල නොඇලෙන කෙනෙක් විය යුතු ය.

න ච බුද්ධං සමාචරේ කිඤ්චි – යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝවා ඛේමිනෝ හොන්තු – සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

නුවණැත්තන්ගේ නින්දාවට ලක් වන ඉතා සුළු වරදක්වත් නොකරන කෙනෙක් විය යුතු ය. (මෛත්‍රිය වැඩිය යුතු ආකාරය මින් ඉදිරියට දැක්වේ) සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සුවයෙන් යුතු සිත් අත්තෝ වෙත්වා.

යේ කේචි පාණභූතත්ථී – තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා – මජ්ඣිමා රස්සකාණුකථූලා

කෙලෙස් සහිත වූ ද, කෙලෙස් රහිත වූ ද යම් සත්ත්ව පිරිසක් ඇත් ද, ඒ සියළු දෙනා ද, දිග හෝ මහත හෝ මධ්‍යම ප්‍රමාණයේ හෝ ශරීර ඇති සත්ත්වයින් ද, මිටි සත්ත්වයින් ද, ඉතා සියුම් සත්ත්වයින් ද, ස්ථුල සත්ත්වයින් ද,

දිට්ඨා වා යේව අද්දිට්ඨා – යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසීවා – සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

ඇසට පෙනෙන්නා වූ හෝ ඇසට නොපෙනෙන්නා වූ ද, දුර වාසය කරන්නා වූ හෝ ළඟ වාසය කරන්නා වූ ද, ඉපිද සිටින්නා වූ හෝ ඉපදෙමින් සිටින්නා වූ ද, සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා.

න පරෝ පරං නිකුබ්බබේථ – නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා – නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙයිය

කිසිවෙක් කිසිවෙකුට රැවටීම් ආදියෙන් හිංසා නොකෙරෙත්වා. කිසි තැනක කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා. නුරුස්නා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන් ඔවුනොවුන්ගේ දුකක් කැමති නොවෙත්වා.

මාතා යථා නියං පුත්තං – ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු – මානසං භාවයේ අපරිමාණං

තම ජීවිතය මෙන් තම එකම පුතු සුරකින මවෙකු ලෙස සියළු සත්ත්වයින් කෙරෙහි අප්‍රමාණ වූ මෙත් සිත පැතිරවිය යුතු ය.

මෙත්තං ච සබ්බ ලෝකස්මිං – මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ් ච – අසම්බාධං අවේරං අසපත්තං

උඩ ද, යට ද, හරහට ද, සීමාවක් නැතිව, වෛර සිත් නැතිව, සතුරු බාධා නැතිව, සියළු ලෝකය කෙරෙහි අප්‍රමාණ වූ මෙත් සිත පැතිරවිය යුතුය.

තිට්ඨං චරං නිසින්නෝ වා – සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අදිට්ඨෙය්‍ය – බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු

සිටගෙන සිටින විට, ඇවිදින විට,  හිඳගෙන සිටින විට ද, නිදාගැනීමට ගිය විට හා නින්ද යන තුරු ද, මෙම මෛත්‍රී සහගත සිත අධිෂ්ඨානයෙන් සිහි කළ යුතුය. එසේ විසීම බ්‍රහ්මවිහරණය යි කියනු ලැබේ.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා – දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං – නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති

(මෙසේ කරන තැනැත්තා) කිසිදු මිථ්‍යා දෘෂ්ඨියක නොඇළී, සිල් ගුණ ධර්ම දියුණු කරගෙන, සෝවාන් මග දක්නා නුවණින් යුක්ත වී, කාමයන් ට ඇති ඇල්ම දුරු කොට, නැවත මව් කුසක බැස ගැනීමට නොපැමිණෙන ලෙස පිරිනිවන් පානු ලැබේ.