සතර බ්‍රහ්ම විහාර භාවනා (sathara brahma vihara bhavana)

මෛත්‍රීය (Loving kindness)

මෙත්තා හෙවත් මෛත්‍රීය නම් හිතවත් භාවයයි. එනම් තමාටත්, අන් අයටත් හදවතින්ම පවත්වන මිත්‍රත්වය යි. මෛත්‍රී භාවනාව වැඩීමෙන් ව්‍යාපාදය යටපත් වේ. මෛත්‍රී භාවනාව වැඩිය හැකි ක්‍රම 2කි. එනම්,

1. අප්පමාණ චේතෝ විමුක්තිය – ප්‍රමාණ රහිත කොට, දිශා වශයෙන් මෛත්‍රී සිත පැතිරවීම

මම වෛර නැත්තෙක් වෙම්වා.
තරහා නැත්තෙක් වෙම්වා.
ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා.
දුක් පීඩා නැත්තෙක් වෙම්වා.
සුවසේ ජීවත් වෙම්වා.
නිවන් දකිත්වා.

මා මෙන්ම, උතුරු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ,
වෛර නැත්තෝ වෙත්වා.
තරහා නැත්තෝ වෙත්වා.
ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා.
දුක් පීඩා නැත්තෝ වෙත්වා.
සුවසේ ජීවත් වෙත්වා.
නිවන් දකිත්වා.

එමෙන්ම, උතුරු අනු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

එමෙන්ම, නැගෙනහිර දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

එමෙන්ම, නැගෙනහිර අනු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

එමෙන්ම, දකුණු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

එමෙන්ම, දකුණු අනු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

එමෙන්ම, බටහිර දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

එමෙන්ම, බටහිර අනු දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

එමෙන්ම, උඩ දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

එමෙන්ම, යට දිශාවේ වෙසෙන අප්‍රමාණ වූ සත්ත්වයෝ..

2. මහග්ගත චේතෝ විමුක්තිය – ටිකෙන් ටික මෛත්‍රිය වඩන ප්‍රදේශය පුළුල් කරමින් මෛත්‍රිය වැඞීම

මම වෛර නැත්තෙක් වෙම්වා.
තරහා නැත්තෙක් වෙම්වා.
ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා.
දුක් පීඩා නැත්තෙක් වෙම්වා.
සුවසේ ජීවත් වෙම්වා.
නිවන් දකිත්වා.

මා මෙන්ම, මෙම නිවසේ වෙසෙන සියලු සත්ත්වයෝ,
වෛර නැත්තෝ වෙත්වා.
තරහා නැත්තෝ වෙත්වා.
ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා.
දුක් පීඩා නැත්තෝ වෙත්වා.
සුවසේ ජීවත් වෙත්වා.
නිවන් දකිත්වා.

එමෙන්ම, මෙම නගරයේ වෙසෙන සියලු සත්ත්වයෝ..

එමෙන්ම, මෙම පළාතේ වෙසෙන සියලු සත්ත්වයෝ..

එමෙන්ම, මෙම රටේ වෙසෙන සියලු සත්ත්වයෝ..

එමෙන්ම, මෙම ලෝකයේ වෙසෙන සියලු සත්ත්වයෝ..

එමෙන්ම, මෙම සක්වලෙහි වෙසෙන සියලු සත්ත්වයෝ..

එමෙන්ම, සියලු සත්ත්වයෝ..

 

කරුණාව (Compassion)

දුකින් පෙළෙන සත්ත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාව කරුණාවයි. කරුණා භාවනාව වැඩීමෙන් විහිංසාව යටපත් වේ.

කරුණා භාවනාව වැඩීම

මම කායික පීඩා නැත්තෙක් වෙම්වා.
මානසික පීඩා නැත්තෙක් වෙම්වා.
කායික සුවයෙන් සුවපත් වෙම්වා.
මානසික සුවයෙන් සුවපත් වෙම්වා.
සුවසේ ජීවත් වෙම්වා.

මා මෙන්ම..

කලින් සඳහන් ආකාරයට මෙම භාවනාව ද අප්පමාණ චේතෝ විමුක්ති හා මහග්ගත චේතෝ විමුක්ති යන ක්‍රම දෙකෙන් ම දියුණු කළ හැක.

 

මුදිතාව (Empathetic Joy)

අනුන්ගේ සැපත, දියුණුව, සතුට දැක එය තමාට ලැබුණා වූ දෙයක් ලෙස සළකා සතුටුවීම මුදිතා ගුණයයි. මුදිතා භාවනාව වැඩීමෙන් අරතිය හෙවත් කුසල් දහම්වල සිත නොඇලෙන ගතිය යටපත් වේ.

මුදිතා භාවනාව වැඩීම

මම ආයුෂයෙන් වැඩෙම්වා.
වර්ණයෙන් වැඩෙම්වා.
සැපයෙන් වැඩෙම්වා.
බලයෙන් වැඩෙම්වා.
ප්‍රඥාවෙන් වැඩෙම්වා.
යසසින් වැඩෙම්වා.
කීර්තියෙන් වැඩෙම්වා.

මා මෙන්ම..

කලින් සඳහන් ආකාරයට මෙම භාවනාව ද අප්පමාණ චේතෝ විමුක්ති හා මහග්ගත චේතෝ විමුක්ති යන ක්‍රම දෙකෙන් ම දියුණු කළ හැක.

 

උපේක්ෂාව (Equanimity)

අට ලෝ දහමින් කම්පා නොවී, සෑම අවස්ථාවකදී ම මැදහත් සිතින් යුතුව කටයුතු කිරීම උපේක්ෂාවයි. උපේක්ෂාව වැඩීමෙන් පටිඝය යටපත් වේ.

උපේක්ෂා භාවනාව වැඩීම

මම ලාභය නිසා සතුටු නොවෙම්වා.
අලාභය නිසා දුක් නොවෙම්වා.
ප්‍රශංසා නිසා සතුටු නොවෙම්වා.
නින්දා නිසා දුක් නොවෙම්වා.
යසස නිසා සතුටු නොවෙම්වා.
අයස නිසා දුක් නොවෙම්වා.
කායික සැපයෙන් සතුටු නොවෙම්වා.
කායික දුකකින් දුක් නොවෙම්වා.
මානසික සැපයෙන් සතුටු නොවෙම්වා.
මානසික දුකකින් දුක් නොවෙම්වා
නිවන් දකිත්වා.

මා මෙන්ම..

කලින් සඳහන් ආකාරයට මෙම භාවනාව ද අප්පමාණ චේතෝ විමුක්ති හා මහග්ගත චේතෝ විමුක්ති යන ක්‍රම දෙකෙන් ම දියුණු කළ හැක.

 

References:
Many thanks (and good karma) to the people responsible for the following links:
[1] http://mahamevnawa.lk/sathara-brahma-wiharana/
[2]  http://dhammamedicine.net/metta-bhavana/
[3] http://bududhahama.blogspot.com/2014/11/blog-post.html
[4] http://www.lakehouse.lk/budusarana/2011/03/04/tmp.asp?ID=vision03